
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ව්‍යාජ අධිකරණයක් සකසා විනිසුරුවරයකු ලෙස වෙස්වලාගෙන කටයුතු කළ පුද්ගලයකු ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2019 වසරේ සිට සැකකරු මෙම ව්‍යාජ විනිශ්චය සභාව පවත්වා ගෙන ගොස් ඇති අතර, විශේෂයෙන්ම ගාන්ධිනගර් ප්‍රදේශයේ ඉඩම් ගනුදෙනු වලදී ඔහු විනිසුරුවරයකු ලෙස පෙනීසිට ඇති බව අනාවරණ වී තිබේ.
සැකකරු මොරිස් සැමුවෙල් නමැත්තකු වන අතර නීත්‍යානුකූල උසාවියක කටයුතු කරන බවට ඒත්තු ගැන්වීම සඳහා බොහෝ පිරිසක් රැවටීමට කරයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
සැකකරු විසින් සැබෑ අධිකරණ ශාලාවකට බොහෝ සෙයින් සමාන ව්‍යාජ විනිශ්චය සභාවක් සකස් කර විනිසුරුවරයකු ලෙස පෙනීසිටිමින් එය පවත්වා ගෙන ගොස් ඇත.
එහෙත් වසර 05 ක් පමණ ගතවන තුරු කිසිවකුටත් එය ව්‍යාජයක් බව අනාවරණ වී නොමැත.
ඉඩම් ආරවුල්වල පැටළී සිටින පුද්ගලයන් බොහෝවිට සැකරුගේ සේවාදායකයන් බවට පත්ව ඇති බවත්, සැකකරු විසින් කඩිනම් විසඳුම් ලබාදීමේ පොරොන්දු මත පුද්ගලයන්ගෙන් අධික ගාස්තු අයකර ගෙන ඇති බවත් අනාවරණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart