
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උත්සවයක් සඳහා ශ්රී ලංකාවට යාමට ජනප්රිය නිළි ශිල්පා ෂෙට්ටි වෙත අවසර දීම මුම්බායි මහාධිකරණය මගින් ප්රතික්ෂේප කර තිබේ.
අධිකරණය පවසා ඇත්තේ එම අවසරය සම්බන්ධයෙන් සලකා බැලීමට පෙර ඇය පළමුව වංචා චෝදනාවකට අදාළව ගෙවිය යුතු රුපියල් කෝටි 60ක මුදල ගෙවිය යුතු බවයි.
ශිල්පා ෂෙට්ටි සහ ඇගේ සැමියා වන රාජ් කුන්ද්රාට එරෙහිව ආර්ථික අපරාධ අංශය විසින් නිකුත් කරන ලද නියෝගයක් ක්රියාත්මක වන බව අධිකරණය සඳහන් කර ඇත.
මේ නිසා, අධිකරණයේ හෝ විමර්ශන ආයතනයේ අවසරයකින් තොරව ඔවුන්ට විදේශගත විය නොහැක.
ශිල්පා ෂෙට්ටිගේ නීතිඥවරයා අධිකරණයට පවසා ඇත්තේ, ඇය ඔක්තෝබර් 25 සිට 29 දක්වා කොළඹ පැවැත්වෙන උත්සවයකට සහභාගී විය යුතු බවයි.
ඒ සඳහා ආරාධනයක් ඉදිරිපත් කර තිබේ දැයි අධිකරණය විමසූ විට නීතිඥවරයා පැවසුවේ ඔවුන් දුරකථනයෙන් පමණක් ඒ පිළිබඳ සාකච්ඡා කළ බව සහ අධිකරණයෙන් සංචාරය සඳහා අවසරය ලබාදීමෙන් පසුව පමණක් විධිමත් ආරාධනයක් හිමිවනු ඇති බවයි.
කෙසේවෙතත්, අධිකරණය එම ඉල්ලීම ප්රතික්ෂේප කර ඇති අතර, සංචාරක අවසරය ලබාගැනීමට පෙර ශිල්පා ශෙට්ටි සහ ඇගේ සැමියා පළමුව වංචා චෝදනා සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 60ක මුදල පියවිය යුතු බව පවසා ඇත.
මීලඟ නඩු විභාගය ඔක්තෝබර් 14 වැනි දිනට නියමිතව තිබේ.
පසුගිය සතියේ ද, ශිල්පා ෂෙට්ටි සහ කුන්ද්රාට පවුලේ නිවාඩුවක් සඳහා තායිලන්තයේ ෆුකෙට් වෙත යාමට අවසර දීම බොම්බේ මහාධිකරණය ප්රතික්ෂේප කළේ, ඔවුන්ට එරෙහිව බරපතල නඩු විභාග වෙමින් පවතින බව පවසමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart