
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ ප්‍රකට සමාගම් දෙකක් ශ්‍රී ලංකාවේ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන බව, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.
එසේම මෙරට කිරි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා ඉන්දියාවේ අමූල් සමාගම ඉදිරිපත් වී සිටින බවත් ඇමැතිවරයා අනාවරණය කරයි.
අදාළ සමාගම්වලට මෙරට නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා පවතින හැකියාව සම්බන්ධව මේ වන විට සොයාබලමින් සිටින බවද ඇමැතිවරයා සඳහන් කරයි.
මහනුවරදී පැවැති ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
විදේශ රටවලින් බිත්තර හා කුකුළු මස් ආනයනය කිරීම වෙනුවට විදේශීය ආයෝජකයන්ට එම නිෂ්පාදන කර්මාන්ත මෙරට ආරම්භ කිරීමට අවස්ථාව සලසා දීම වඩා ඵලදායි බවද ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
ඉන්දියාවෙන් පමණක් නොව, වෙනත් රටවලින් වුවද මේ සඳහා ඉල්ලීම් ඉදිරිපත් වුවහොත් ඒ සම්බන්ධයෙන්ද සළකා බලන බවත්, ජනතාවට අඩු මිලකට කුකුළු මස් හා බිත්තර සැපැයීම තම අරමුණ බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart