
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට තවදුරටත් රැඳී සිටින ඉන්දීය හමුදාවේ ඉංජිනේරු කාර්ය සාධක බලකාය අඩි 120 ක දිගකින් යුත් තුන්වන බේලි පාලම සාර්ථකව ඉදිකර ඇත.
මධ්‍යම පළාතේ ස්ථාපිත මෙම පාලම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක නැවත සම්බන්ධ කරන අතර, දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් මාසයකට වැඩි කාලයක් තිස්සේ බාධා ඇති වී තිබූ තීරණාත්මක මාර්ගයක් යථා තත්ත්වයට පත් කරයි.
X සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉන්දීය හමුදාව පැවසුවේ යාපනය සහ මහනුවර කලාපවල තීරණාත්මක බේලි පාලම් දෙකක් සාර්ථකව දියත් කිරීමෙන් පසු, ඉන්දීය හමුදාවේ ඉංජිනේරු කාර්ය සාධක බලකාය, ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ B-492 අධිවේගී මාර්ගයේ අඩි 120 ක් දිග තුන්වන බේලි පාලම ඉදිකර ඇති බවයි.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සම්බන්ධ කරමින්, ඉදි කළ පාලම ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාව දක්වන අසල්වැසියා ප්‍රථමයෙන් සංකල්පය නැවත තහවුරු කිරීමක් බව ද ඉන්දීය හමුදාව පැවසුවේය.
දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව යළි ගොඩනැගීමේ කටයුතු සඳහා සහය ලබාදෙමින් සිටින ඉන්දීය හමුදාව මීට පෙර යාපනය සහ මහනුවර ප්‍රදේශවල බේලි පාලම් දෙකක් සාර්ථකව දියත් කර තිබිණි.
ඉන්දීය හමුදාව පවසන්නේ මෙම සාමූහික ඉංජිනේරු ප්රයත්නයන් මාර්ග සම්බන්ධතාවය යථා තත්ත්වයට පත් කර, අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය වැඩිදියුණු කර ඇති අතර සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සහනයක් ලබා දී ඇති බවයි.
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට සහය වීම සඳහා ඉන්දියාව කඩිනමින් සාගර් බන්ධු මෙහෙයුම ආරම්භ කළ අතර ඊට සමගාමීව මෙලෙස පාලම් ස්ථාපිත කිරීමේ කටයුතු සිදු කෙරේ.
ඉන්දියාව පවසන්නේ මේ හරහාඅ ඉන්දීය හමුදාව බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට දෛනික ජීවිතයට පහසුකම් සැලසුවා පමණක් නොව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා සහ හොඳ හිත ශක්තිමත් කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart