
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය යාත්‍රා දෙකකට හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී ඉරාන විප්ලවවාදී ආරක්ෂක භටයන් වෙඩි තැබූ බව වාර්තා වීම හේතුවෙන් ඉන්දියාව නවදිල්ලියේ ඉරාන තානාපතිවරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත සෙනසුරාදා කැඳවීමට පියවර ගෙන තිබේ.
හෝර්මුස් සමුද්‍ර සන්ධියේදී ඉන්දීය ධජය සහිත නැව් දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නවදිල්ලියේ ‘ගැඹුරු කණස්සල්ල’ ඉන්දීය විදේශ ලේකම් ඉරාන තානාපතිවරයාට දැනුම් දුන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයක දැක්වේ.
අදාළ වෙඩි තැබීමෙන් පසු ඉන්දීය යාත්‍රා දෙක ආපසු හැරී ගිය බව වාර්තා විය.
ඉන්දියාව බලා යන නැව් කිහිපයකට ආරක්ෂිතව ගමන් කිරීමට ටෙහෙරානය මීට පෙර පහසුකම් සලසා ඇති බව විදේශ ලේකම් ඉරාන තානාපතිවරයාට ප්‍රකාශ කර ඇත.
ඉන්දියාවේ අදහස් ඉරානයේ බලධාරීන්ට දැනුම් දී ඉන්දියාවට යන නැව් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් නැවත ආරම්භ කරන ලෙස ඉන්දීය නිලධාරියා ඉරාන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටි බව එම ප්‍රකාශයේ සඳහන් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart