
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බටහිර බෙංගාලයේ ශාන්තිනිකේතනය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇත.
1863 දී එය මහාරිෂි දේවේන්ද්‍රනාත් තාගෝර් විසින් ඇරඹූ අතර පසුව ඔහුගේ පුත් රබීන්ද්‍රනාත් තාගෝර් විසින් එය ඉන්දීය ඉතිහාසයේ මහා පුරාවෘතයක් බවට පත් කරන්නට විය.
මුලදී මෙය නම් කර තිබුණේ ‘බ්‍රහ්ම චර්යාශ්රමය’ යනුවෙන් වන අතර පසුව මෙය ‘ශාන්ති නිකේතනය’ යනුවෙන් නම් කර තිබේ.
එහි අරුත ‘සාමයේ මන්දිරය’ යන්නයි.
1901 දී මෙහි තාගෝර් පාසල ආරම්භ නර ඇත.
1918 දී මෙහි ‘විශ්ව භාරති’ විශ්වවිද්‍යාලයට මුල්ගල තැබුණු අතර 1921 දී එය උත්සවාකාරයෙන් විවෘත කළේය.
විශ්ව-භාරතී සරසවිය නිර්මාණය කිරීමත් සමඟ වර්තමානයේ එය සරසවි නගරයක් බවට පත්ව ඇත.
කලාව වෙනුවෙන් එය තෝතැන්නකිි.
ශාන්තනිකේතනය යනු ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කොල්කටා සිට කිලෝමීටර 152 ක් පමණ උතුරින් පිහිටා ඇති ස්ථානයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart