
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගංවතුරින් විපතට පත් මොසැම්බික් රාජ්‍යයට ඉන්දියාව ආහාර සහ සහනාධාර තොගයක් යොමු කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පැවසුවේ ඉන්දියාව විසින් ක්ෂණික ආහාර ආධාර ලෙස සහල් මෙට්‍රික් ටොන් 500 ක්, අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 10 ක් සහ අනෙකුත් ආධාර එවා ඇති බවයි.
මොසැම්බික්හි මධ්‍යම සහ දකුණු පළාත්වලට බලපා ඇති විනාශකාරී ගංවතුර හමුවේ ඉන්දියාව එම රට සමඟ සහයෝගයෙන් සිටින බව ද ඔහු පැවසුවේය.
එමෙන්ම මොසැම්බික් ජනතාවට සහය වීම සඳහා ඉන්දියාව බහුවිධ ප්‍රතිචාරයක් දියත් කර ඇත.
මෙයට ක්ෂණික ආහාර ආධාර ලෙස සහල් මෙට්‍රික් ටොන් 500 ක්, කූඩාරම්, සනීපාරක්ෂක කට්ටල සහ පුනරුත්ථාපන ආධාරක ද්‍රව්‍ය වැනි අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 10 ක් සහ ඉන්දියානු නාවික හමුදා නෞකාවක් මගින් අත්‍යවශ්‍ය ඖෂධ ටොන් 3 ක් යැවීම ඇතුළත් වේ.
මීට අමතරව, ජීවිතාරක්ෂක ඖෂධ මෙට්‍රික් ටොන් 86 ක් දැනටමත් මුහුදු මාර්ගයෙන් ලබා දී ඇත.
මොසැම්බික්හි මධ්‍යම සහ දකුණු පළාත්වලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවක් අවතැන් වී ඇති අතර, නිවාස, මාර්ග සහ යටිතල පහසුකම්වලට දැඩි හානි සිදු වී ඇත. විශේෂයෙන්ම පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම නිසා වසංගත රෝග පැතිරීමේ අවදානමක් ද මතුව තිබේ.
ඉන්දියාව මෙම සහන සපයන්නේ ‘කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය’ යන මූලධර්මය යටතේය.
ඉන්දියානු සාගර කලාපයේ ඕනෑම ආපදාවකදී “පළමුවෙන්ම ප්‍රතිචාර දක්වන්නා” ලෙස කටයුතු කිරීම ඉන්දියාවේ මූලෝපායික අරමුණයි.
ගංවතුරෙන් පසු පැතිර යා හැකි රෝග පාලනය කිරීම සඳහා ජීවිතාරක්ෂක ඖෂධ මෙට්‍රික් ටොන් 86ක් දැනටමත් ලබා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart