
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් ස්ථානයකට ගිය කාන්තාවකට එහිදී පොලිස් නිලධාරියකු අතින් වෙඩි වැදීමේ සිදුවීමක් ඉන්දියාවේ උත්තර් ප්රදේශයෙන් වාර්තා වෙයි.
මෙම කාන්තාව අදාළ පොලිස් ස්ථානයට ගොස් ඇත්තේ සිය විදේශ ගමන් බලපත්රය සහතික කර ගැනීම සඳහාය.
වෙඩි වැදීමට ලක්වූ කාන්තාව වන්දනා චාරිකාවක් සඳහා සෞදි අරාබියට යෑමට සැලසුම් කර සිටි බව වාර්තා වේ.
හිස පිටුපසට වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව රෝහල්ගත කර තිබෙන අතර ඇයගේ තත්ත්වය බරපතළ බව වාර්තා සඳහන් කරයි.
වෙඩි වැදුණු 55 හැවිරිදි කාන්තාවගේ ඥාතීන් චෝදනා කරන්නේ, ඇයගේ විදෙස් ගමන් බලපත්රය සහතික කිරීම භාර නිලධාරියා විසින් මුදල් ඉල්ලා ඇයට හිරිහැර කර ඇති බවයි.
වෙඩි වැදීම සම්බන්ධයෙන් චෝදනා ලබන පොලිස් නිලධාරියා වහාම වැඩ තහනමකට ලක්කර ඇති අතර ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ද පවරා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart