
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) ඉන්දියාවේ ‘කාන්තා වෙන්කිරීමේ පනත් කෙටුම්පත’ සම්මත කිරීම සාදරයෙන් පිළිගෙන තිබේ.
එමගින් ජාතික සහ ප්‍රාන්ත පාර්ලිමේන්තුවල ආසන තුනෙන් එකක් කාන්තාවන් සඳහා වෙන්කිරීම සඳහා ප්‍රතිපාදන සකස් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල දෙකෙන්ම සම්මත වූ මෙම සුවිශේෂී පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය තහවුරු කරන අතර, ඉන්දියාවේ කාන්තාවන් සඳහා සහභාගී වීමේ අයිතිය සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමේ පරිවර්තනීය පියවරක් වනු ඇත.
ඉන්දියාව තබා ඇති ආදර්ශය සම්බන්ධයෙන් අදහස් පලකරන, මහ කොමසාරිස්වරයා ලොව පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධ ව්‍යවස්ථාදායක ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේදී නොපැකිළව කටයුතු කරන ලෙසයි.
මහ කොමසාරිස්වරයා ඉන්දීය රජයෙන්ද ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් නව ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙසයි.
සමස්තයක් වශයෙන් සමාජයට ගැඹුරු, ධනාත්මක ඇඟවුම් ඇති කළ හැකි, පොදු ජීවිතයේ සෑම පසුබිමකම කාන්තාවන්ගේ සහභාගීත්වය සඳහා සක්‍රීය පරිසරයක් පෝෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කරන බවද මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart