
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගූගල් (Google) සමාගම ඉදියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි විශාඛපට්නම් නගරයේ සිය කෘතිම බුද්ධි (AI) මධ්‍යස්ථානය ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, මෙය ඉන්දියාවේ ඩිජිටල් යටිතල පහසුකම් සඳහා එම සමාගම සිදුකළ විශාලතම ආයෝජනය සනිටුහන් කරයි.
මෙම ව්‍යාපෘතිය AdaniConneX සහ භාරතී එයාර්ටෙල් (Bharti Airtel) සමාගමේ Nxtra සමඟ හවුල්කාරිත්වයෙන් සංවර්ධනය කෙරේ.
මෙම AI මධ්‍යස්ථානය ඉන්දියාවේ ඩිජිටල් සහ කෘතිම බුද්ධි වර්ධනයට සහය වීම සඳහා වූ විශාල පරිසර පද්ධතියක කොටසක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එහි සමාරම්භක උත්සවයට ඉන්දීය මධ්‍යම තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි වෛෂ්ණව්, ආන්ද්‍ර ප්‍රදේශ් මහ ඇමති එන්. චන්ද්‍රබාබු නායිදු සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය නාරා ලෝකේෂ් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
භාරතී එන්ටර්ප්‍රයිසස් (Bharti Enterprises) උප සභාපති රාකේෂ් මිට්ටල් සහ ඉන්දීය තොරතුරු තාක්ෂණ අමාත්‍ය අශ්විනි වෛෂ්ණව් මෙහිදී අදහස් දැක්වූහ.
එහිදී අමාත්‍ය අශ්විනි වෛෂ්ණව් මහතා පවසා සිටියේ ‘විශාඛපට්නම්හි ඉන්දියා AI මධ්‍යස්ථානයේ මුල්ගල් තැබීමේ උත්සවය, ඉන්දියාව තාක්ෂණය අතින් ලෝක නායකයෙකු බවට පත් කිරීමේ ගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දැක්ම පිළිබිඹු කරන්නක් බවයි.
මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ආන්ද්‍ර ප්‍රදේශ් මහ ඇමති චන්ද්‍රබාබු නායිදු ලබා දෙන සහයෝගයට සහ කැපවීමට ස්තූතිවන්ත වන බව ද ඔහු පැවසුවේය.
මෙම ඉන්දියා AI මධ්‍යස්ථානය සහ විශාඛපට්නම් වෙත සම්බන්ධ වන මුහුදු යටින් වැටුණු කේබල් පද්ධති තුන, රටේ ඉදිරි ගමනට ඉතා වැදගත් යටිතල පහසුකම් වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart