
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කඳු නැගීමේ සංචාරයක් අතරතුර සිදුවූ අහඹු අනතුරක් ලෙස මුලින් පෙනෙන්නට තිබූ තරුණ ව්‍යාපාරිකයෙකුගේ මරණයක්, ඔහුගේම පෙම්වතිය සහ ඇගේ අනියම් පෙම්වතා විසින් සැලසුම් කරන ලද කුරිරු මිනීමැරුමක් බව හෙළිවීමත් සමඟ මුළු ඉන්දියාවම දැඩි සලිත වීමකට ලක්ව තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, පූනේ නගරයේ පදිංචි 26 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයෙකු වන කේතන් අගර්වාල් පසුගිය ජූනි 18 වැනිදා ලෝහාගාඩ් කොටුව අසල ප්‍රපාතයකට ඇද වැටී මියගොස් තිබුණි.
මුල් අවස්ථාවේදී පොලිසිය නිගමනය කළේ එය කඳු නැගීමේදී අත්වැරදීමකින් සිදුවූ මරණයක් බවයි.
කෙසේ වෙතත්, මරණය සිදු වූ ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී පොලිසියට සුවිශේෂී සාක්ෂියක් හමු විය.
එහිදී සෙල්සියස් අංශක 33ක දැඩි රශ්මියක් පවතින අවස්ථාවක, මුළු ශරීරයම වැසෙන සේ ඝන කබායක් ඇඳගත් සැකකටයුතු පුද්ගලයෙකු ගැවසෙන අයුරු නිරීක්ෂණය විය.
මෙම දර්ශනය ඔස්සේ පුළුල් විමර්ශනයක් දියත් කළ පොලිසිය, එම පුද්ගලයා කේතන්ගේ පෙම්වතියගේ අනියම් පෙම්වතා වන චේතන් චෞද්රි බව හඳුනා ගැනීමට සමත් විය.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී ඇත්තේ කේතන්ගේ පෙම්වතිය වන සියා ගෝයල් සහ ඇගේ අනියම් පෙම්වතා වන චේතන් එකතු වී කේතන්ව ඝාතනය කිරීමට දීර්ඝ කාලයක සිට කුමන්ත්‍රණය කර ඇති බවයි. මීට පෙර ද අවස්ථා කිහිපයකදීම ඔවුන් කේතන්ව ඝාතනය කිරීමට උත්සාහ කර අසාර්ථක වී තිබේ.
පූනේ නගරයේ ප්රමුඛ පෙළේ දේපළ වෙළඳාම් සමාගමක අධ්‍යක්ෂවරයෙකු වන කේතන්, මෙම වසර අගදී සියා ගෝයල් සමඟ විවාහ වීමට නියමිතව සිට ඇත. විවාහයෙන් නිදහස් වීමට සහ කේතන්ගේ ධනය ලබාගැනීමේ අරමුණින් මෙම ඝාතනය සැලසුම් කරන්නට ඇති බවට සැක කෙරේ.
දැනට සැකකාර පෙම්වතිය සහ ඇගේ අනියම් පෙම්වතා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන්දීය ආරක්ෂක අංශ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart