
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඖෂධ ක්ෂේත්රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව සහ ලයිබීරියාව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත.
එය නියාමන පෙළගැස්ම ඉහළ නැංවීම මෙන්ම ආරක්ෂිත සහ දැරිය හැකි ඖෂධ සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සඳහා වූ ප්‍රධාන පියවරක් බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ගෝලීය සෞඛ්‍ය සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා පුළුල් ප්රයත්නයන්හි කොටසක් ලෙස දෙරට අතර බෙදාගත් ගුණාත්මක ප්රමිතීන් ප්‍රවර්ධනය කිරීම මෙම ගිවිසුමේ අරමුණ බවයි.
ලයිබීරියාවේ ඉන්දීය තානාපති මනෝජ් බිහාරි වර්මා සහ ලයිබීරියාවේ සෞඛ්‍ය අමාත්‍ය ලුයිස් එම්. ක්පෝටෝ විසින් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කර තබා ඇත.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ මෙම ගිවිසුම ආරක්ෂිත සහ දැරිය හැකි ඖෂධ සඳහා වැඩිදියුණු කළ ප්‍රවේශයට සහාය වනු ඇති බවයි.
එය ඉන්දු – ලයිබීරියානු හවුල්කාරිත්වයට තල්ලුවක් බව ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ X සටහනේ සඳහන් වේ.
මේ අතර ලයිබීරියාවේ ඉන්දියානු තානාපති කාර්යාලය පැවසුවේ ගිවිසුම මගින් ඖෂධ තත්ත්ව ප්රමිතීන් සඳහා යොමු කිරීමක් ලෙස ඉන්දියානු ඖෂධවේදය අනුගමනය කිරීමට ලයිබීරියාවට ඉඩ සැලසෙන බවයි.
එමගින් දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ බටහිර අප්‍රිකානු ජාතියේ ආරක්ෂිත, ඵලදායී සහ දැරිය හැකි ඖෂධ ලබා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීමට අපේක්ෂා කරන බව ද එම කාර්යාලය පවසයි.
ඉන්දියාව-ලයිබීරියාවේ සෞඛ්‍ය හවුල්කාරිත්වයේ සැලකිය යුතු ඉදිරි පියවරක් බව ද තානාපති කාර්යාලය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart