
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව ස්වදේශීයව නිෂ්පාදනය කළ චන්ද්‍රිකා නාවික පද්ධතිය තවදුරටත් බලගන්වමින්, එරට NVS-03 චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශගත කිරීමට සමත් විය.
සතිෂ් ධාවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට GSLV Mark II රොකට්ටුව මගින් මෙම චන්ද්‍රිකාව ගගනගත කරන ලදී.
සියලු කටයුතු සැලසුම් කළ පරිදිම සාර්ථකව සිදු වූ අතර, රොකට්ටුව මගින් NVS-03 චන්ද්‍රිකාව නියමිත භූස්ථාපිත සංක්‍රාන්ති කක්ෂය වෙත මුදාහළ බව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO) උඩුගත කිරීමෙන් මිනිත්තු 30කට පමණ පසුව X පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කළේය. NVS-03 යනු ඇමරිකාවේ Global Positioning System (GPS) පද්ධතියට සමානව ඉන්දියාව විසින් පවත්වාගෙන යනු ලබන Navigation with Indian Constellation (NavIC) පද්ධතිය වෙනුවෙන් ගගනගත කළ තෙවන පරම්පරාවේ තෙවන චන්ද්‍රිකාවයි.
කෙසේ වෙතත්, ඇමරිකානු GPS පද්ධතියට සාපේක්ෂව NavIC පද්ධතිය ක්‍රියාත්මක වන්නේ යම් සීමිත පරාසයකය.
මෙය ඉන්දියානු භූමි ප්‍රදේශයට මෙන්ම ඉන්දියානු භූමියේ සිට කිලෝමීටර 1,500ක් (හැතැප්ම 930ක්) පමණ දුරකට විහිදෙන කලාපය තුළ සිටින පරිශීලකයින්ට නිවැරදි පිහිටීම, නාවික සහ වේලාව පිළිබඳ සේවාවන් (PNT) ලබා දීම සඳහා නිර්මාණය කරන ලද කලාපීය නාවික චන්ද්‍රිකා පද්ධතියක් බව ISRO නිලධාරීන් NVS-03 අභ්‍යවකාශගත කිරීමේ නිල අත්පොතෙහි සඳහන් කර ඇත.
වර්තමානයේ ඉන්දියානු නාවික පද්ධතිය තුළ පූර්ණ ක්‍රියාකාරී මට්ටමේ පවතින්නේ චන්ද්‍රිකා 3ක් පමණක් වන අතර, PNT සේවාවන් සපයා දීම සඳහා අවම වශයෙන් චන්ද්‍රිකා 4ක් අවශ්‍ය වේ. එබැවින් මෙම අභ්‍යවකාශගත කිරීම අතිශය තීරණාත්මක එකක් වන අතර, NVS-03 හි ඉදිරි පරීක්ෂණ සහ මෙහෙයුම් කටයුතු කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව පවතී.
අද දින සිදු කරන ලද්දේ අඩි 170ක් (මීටර 52ක්) උසැති, අදියර තුනකින් යුත් GSLV (Geosynchronous Satellite Launch Vehicle) Mark II රොකට්ටුවේ 14 වන අභ්‍යවකාශ ගමනයි. ඉන් ගමන 12ක්ම සාර්ථක ලෙස නිම කිරීමට එම රොකට්ටුව සමත්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart