
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව සහ ජෝර්දානය ත්රස්තවාදයට එරෙහි වීම, ගාසා තීරය ඇතුළු කලාපීය සංවර්ධනය සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජෝර්දාන සංචාරයට සමගාමීව ඔහු අම්මාන්හිදී දෙවන අබ්දුල්ලා රජු හමුවූ බවයි.
එහිදී දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවලදී ඔවුන් එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
අනතුරුව දෙරට අතර අවබෝධතා ගිවිසුම් පහකට අත්සන් තබා ඇත.
වෙළඳාම සහ ආයෝජන, ආරක්ෂක සහ ආරක්ෂාව, ත්රස්තවාදයට එරෙහි වීම සහ රැඩිකලීකරනය, පොහොර සහ කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය සහ සංචාරක ව්‍යාපාරය වැනි ක්ෂේත්රවල සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි එහිදී ප්‍රමුඛතාව හිමිව තිබේ.
ත්රස්තවාදයට සහ අන්තවාදයට එරෙහි සටනේදී දෙවන අබ්දුල්ලා රජුගේ කාර්යභාරය අගමැති මෝදි ප්‍රශංසාවට ලක් කළ අතර කලාපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා ඉන්දියාවේ සහයෝගය නැවත තහවුරු කළේය.
ඔහු රටවල් තුනක සංචාරයක පළමු අදියර ලෙස ජෝර්දානයට පැමිණි අතර අනතුරුව ඉතියෝපියාවට සහ ඉන්පසුව ඕමානයේ සංචාරය කරනු ඇත.
වසර 37 කට පසු ඉන්දීය අගමැතිවරයෙකු ජෝර්දානයට පැමිණි පළමු අවස්ථාව මෙය බව පැවසේ.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරයට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඉන්දීය සංචාරය සංවිධාන කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart