
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපාන අග්‍රාමාත්‍ය සනායි ටකායිචි සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර පසුගිය ජූලි 2 වනදා නවදිල්ලි නුවරදී පැවැත්වුණු නිල හමුවේදී කෘත්‍රිම බුද්ධිය , බැටරි නිෂ්පාදනය, අත්‍යවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය, ආරක්ෂක නිෂ්පාදන, බලශක්ති ඔරොත්තු දීමේ හැකියාව සහ මූල්‍ය සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි දිගු ද්විපාර්ශ්වික ගිවිසුම් මාලාවකට එළඹීමට දෙරට පියවර ගත්තේය.
මෙම ගිවිසුම් මාධ්‍ය අවධානය දිනාගත් අතර, ඉන් කියැවුණු වඩාත් පුළුල් පණිවිඩය වූයේ ඉන්දු-පැසිෆික් කලාපයේ වෙනස් වෙමින් පවතින භූ-උපායමාර්ගික රාමුවයි.
ටකායිචි එම ධුරයට පත්වීමෙන් පසු චීන-ජපාන සබඳතාවල සිදුවන වෙනස්කම් මධ්‍යයේ, අග්‍රාමාත්‍ය මෝදි සමඟ පැවැත්වුණු මෙම හමුව මඟින් ඉන්දියාව සහ ජපානය අතර පවතින එකඟතාව ව්‍යුහාත්මක මෙන්ම උපායමාර්ගික එකක් බව යළිත් තහවුරු කළේය.
මෙම හමුව මඟින් ඉන්දු-පැසිෆික් කලාපය තුළ නව ආර්ථික ආරක්ෂණ රටාවක අවශ්‍යතාවය සනිටුහන් කළ අතර, එය කලාපීය බලපෑම් කළමනාකරණය කර ගැනීමට මෙන්ම අනාරක්ෂිත තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට දරන උත්සාහයකි.
අපනයන සීමා කිරීම්, ආයෝජන තහංචි සහ වෙනත් ආර්ථිකමය බලපෑම් කිරීම් හරහා තම බලය පෙන්වීමට චීනය දක්වන වැඩි කැමැත්ත හේතුවෙන්, නිෂ්පාදන ජාලයන් එක් රටක් වටා පමණක් කේන්ද්‍රගත වීම සහ තාක්ෂණික වශයෙන් වෙනත් රටක් මත යැපීමට සිදුවීම පිළිබඳ කලාපීය කනස්සල්ල තවදුරටත් දැඩි වී ඇත.
එමෙන්ම, ට්‍රම්ප් පරිපාලනය විසින් ද්විපාර්ශ්වික සන්ධාන සහ ආරක්ෂක වගකීම් බෙදාහැරීම දෙස හුදු ගනුදෙනුවක ස්වරූපයෙන් බැලීම (Transactional approach) සහ ඇමරිකානු උපායමාර්ගික නාමකරණය තුළ “ඉන්දු-පැසිෆික්” වෙනුවට “පැසිෆික්” යන පදය භාවිතයට මාරුවීමේ සංකේතාත්මක වෙනස, කලාපීය සහකරුවන්ට තවදුරටත් වොෂින්ටනයේ උපායමාර්ගික ප්‍රමුඛතාවල අඛණ්ඩ පැවැත්මක් බලාපොරොත්තු විය නොහැකි බව මතක් කර දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart