
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජම්මු සහ කාශ්මීරයේ පහල්ගම් ප්‍රදේශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සංචාරකයින් 26 දෙනකු මියයයෑමේ සිද්ධියෙන් දිනකට පසු ඉන්දියාව පාකිස්ථානයට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දු ජල ගිවිසුම අවලංගු කරන බවයි.
එමෙන්ම පාකිස්ථාන ජාතිකයින්ට ඉන්දියාව තුළ සාර්ක් වීසා බලපත්‍ර නොලැබෙන බව ද ඉන්දියාව පවසා තිබේ.
ඊට අමතරව පාකිස්ථානය සමඟ පවතින වගා දේශසීමා ඉන්දියාව වසාදමනු ඇත.
ඉන්දියාව පාකිස්ථානයේ පිහිටි සිය මහකොමසාරිස් කාර්යාලයෙන් කාර්ය මණ්ඩලය ඉවත් කර ගැනීමට ද තීරණය කර තිබේ.
SAARC Visa Exemption Scheme යටතේ පාකිස්ථානු ජාතිකයින්ගේ වත්මන් වීසා බලපත්‍ර අවලංගු කර ඇති අතර, ඔවුන් පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටවිය යුතු බව ද ඉන්දීය රජය මේ වනවිටත් දැනුම් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart