
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ සිටින කැනඩාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු පිටුවහල් කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත.
එම තීරණය පිළිබඳව ඉන්දියාවේ කැනඩා මහ කොමසාරිස්වරයා අද කැදවා දැනුම්දී ඇතැයි එරට ජනමාධ්‍ය වාර්තා කරයි.
අදාළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාට ඉදිරි දින පහ ඇතුළත ඉන්දියාවෙන් පිටව යන ලෙස දන්වා ඇත.
ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ඇඟිලි ගැසීම් සහ ඉන්දීය විරෝධී ක්‍රියාකාරකම්වලට ඔවුන් සම්බන්ධවීම සම්බන්ධයෙන් ඉන්දීය රජය දක්වන දැඩි අවධානය මෙම තීරණයෙන් පිළිබිඹු වන බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
ඛලිස්තාන් නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දියාව සම්බන්ධ බවට කැනඩාව චෝදනා කිරීමත් සමග දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා උණුසුම් වී ඇත.
හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට තමන් සම්බන්ධ බවට කැනඩා රජය කරන එල්ල කරන චෝදනා ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය, එම චෝදනා ‘අභූත ‘සහ ‘පෙළඹවූ’ ඒවා ලෙස නම් කර ඇත.
කැනඩාවේ නවාතැන් ලබා සිටින ඛලිස්තාන් ත්රස්තවාදීන් සහ අන්තවාදීන් පිළිබඳ අවධානය වෙනතකට යොමුකිරීම මෙම චෝදනාවල අරමුණ බව ඉන්දීය රජයවැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart