
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වසර 18 කට ආසන්න කාලයක් පුරා පැවැති ද්විපාර්ශවික සාකච්ඡාවලින් අනතුරුව ඉන්දියාව සහ යුරෝපා සංගමය නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹ තිබේ.
යුරෝපීය කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේන් මෙම නිදහස් වෙළඳ ගිවිසුම හැඳින්වූයේ “සියලු වෙළඳ ගනුදෙනුවල මව” ලෙසයි.
අදාළ ගිවිසුම සඳහා යුරෝපීය කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අත්සන් තැබූ බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අගමැතිවරයා පැවසුවේ ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී වෙළඳ කණ්ඩායම් දෙකක් – ඇමරිකානු ඩොලර් බිලියන 213 ක වෙළඳාමක් සහිත ගිවිසුමකට එළඹ ඇති බවයි. අගමැතිවරයා පැවසුවේ.
එය දෙපාර්ශවයේම ජනතාවට උපකාර කරන තීරණ රාශියක් ගෙන ඇති බවත්, ඉන්දියා-යුරෝපා සංගම් වෙළඳ ගිවිසුම අන්‍යෝන්‍ය වර්ධනය සඳහා සැලැස්මක් බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවේය.
යුරෝපා සංගමයට අයත් රටවල ජීවත් වන ඉන්දියානුවන් ලක්ෂ අටකට පමණ මෙමගින් විශාල ප්‍රතිලාභ ලැබෙනු ඇති බව ද ඔහු සඳහන් කළේය.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙය හුදෙක් වෙළඳ ගිවිසුමක් පමණක් නොවන බව සහ එය හවුල් සමෘද්ධිය සඳහා නව සැලැස්මක් බවයි.
මෙම වෙළඳ ගිවිසුම හරහා ඉන්දියානු භාණ්ඩ සඳහා යුරෝපීය වෙළඳපොළවල් විවෘත කරනු ඇත.
ඒ සමඟම, තීරුබදු අඩු කිරීමෙන් ආනයනික යුරෝපීය භාණ්ඩ ඉන්දියාවේ ලාභදායී වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart