December 11, 2025

තලේබාන් සංවිධානය සමඟ “ප්‍රායෝගික සම්බන්ධතාවයක්” ඉල්ලා සිටින බව ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පැවසුවේය.

2025 දෙසැම්බර් 10 වන දින ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීම අමතමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නිත්‍ය නියෝජිත තානාපති පර්වතනේනි හරීෂ් පැවසුවේ, ඇෆ්ගනිස්ථානයේ ජනතාවට තිරසාර ප්‍රතිලාභ ගෙන ඒමට උපකාරී වන සියුම් ප්‍රතිපත්ති මෙවලම් අනුගමනය කරන ලෙස ඉන්දියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බවයි.

”ඉන්දියාව තලේබාන් සංවිධානය සමඟ ප්‍රායෝගික සම්බන්ධතාවයක් ඉල්ලා සිටී. සහයෝගී සම්බන්ධතාවයේ ප්‍රතිපත්තියක් ධනාත්මක ක්‍රියාමාර්ග දිරිමත් කළ යුතුය.” යනුවෙන් ඔහු පැවසුවේය.

එමෙන්ම තනාපතිවරයා පැවසුවේ දණ්ඩනීය පියවරයන් කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමෙන්, පවතිනු ඇත්තේ වසර හතරක සිට දකින සාමාන්‍ය ප්‍රවේශය පමණක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඇෆ්ගනිස්ථානයේ ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියාවේ කැපවීම ද ඔහු නැවත අවධාරණය කළේය.

කාබුල්හි දිල්ලි තාක්ෂණික මෙහෙයුම තානාපති කාර්යාලයක තත්ත්වය දක්වා යථා තත්ත්වයට පත් කිරීමට ඉන්දීය රජය ගත් මෑත තීරණය මෙම අධිෂ්ඨානය අවධාරණය කරන බව ද තානාපතිවරයා පවසා තිබේ.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන සමාජයේ ප්‍රමුඛතා සහ අභිලාෂයන්ට අනුකූලව, ඇෆ්ගනිස්ථානයේ පුළුල් සංවර්ධනය, මානුෂීය ආධාර සහ ධාරිතා ගොඩනැගීමේ මුලපිරීම් සඳහා ඉන්දියාවේ දායකත්වය වැඩි දියුණු කිරීම සඳහා ඉන්දියාව සියලු පාර්ශවකරුවන් සමඟ අපගේ සම්බන්ධතා අඛණ්ඩව පවත්වා ගෙන යන බව ද ඔහු අවධාරණය කළේය.