
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාකිස්ථානයේ සහාය ලබන කණ්ඩායමක් විසින් ඉන්දීය සිවිල් වැසියන් සමූලඝාතනය කිරීමෙන් පසු දෙරට අතර ගැටුම් ඇති වී තිබෙන පසුබිමක, අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් පාකිස්ථානයට ලබා දුන් නවතම ණය සම්බන්ධයෙන් ඉන්දියාව විවේචනය කර තිබේ.
පාකිස්ථානය නවතම IMF වැඩසටහනේ පළමු සමාලෝචනය අනුමත කරගෙන ඇති අතර ඒ යටතේ තවත් අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් ලබා ගැනීමට එරටට ප්‍රවේශය ලැබේ.
කෙසේවෙතත්, IMF මණ්ඩල සමාලෝචනයේදී ඡන්දය දීමෙන් වැළකී සිටි බව ඉන්දියාව පවසයි.
“1989 සිට වසර 35දී , පාකිස්ථානයට වසර 28ක් IMF වෙතින් මුදල් ලබා දී තිබෙනවා,” ඉන්දියාවේ මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“2019 සිට පසුගිය වසර 5 සඳහා IMF වැඩසටහන් 4ක් ලබාගෙන. පෙර වැඩසටහන් හොඳ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති පරිසරයක් ක්‍රියාත්මක කිරීමට සමත් වූයේ නම්, පාකිස්ථානය තවත් ඇපකර වැඩසටහනක් සඳහා අරමුදලට සම්බන්ධ වන්නේ නැහැ. එවැනි වාර්තාවක් පාකිස්ථානය සම්බන්ධයෙන් හෝ ඔවුන්ගේ අධීක්ෂණය හෝ පාකිස්ථානය විසින් ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් IMF වැඩසටහන් සැලසුම්වල කාර්යක්ෂමතාව ප්‍රශ්න කරනවා” යනුවෙන් ඉන්දියාව පෙන්වා දුන්නේය.
දේශසීමාව හරහා පැමිණි සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉන්දියානු සිවිල් වැසියන් ඝාතනයට එරෙහිව ඉන්දියාව පළිගැනීමෙන් පසු මේ වන විට ඉන්දියාව සහ පාකිස්ථානය සතුරුකම්වල සිරවී සිටිති.
පාකිස්ථාන හමුදාව ආර්ථික කටයුතුවලට මැදිහත් වන බව ඉන්දියාව පැවසූ අතර IMF අරමුදල් හමුදා අරමුණු සඳහා භාවිත කළ හැකි බවට ද යෝජනා කළේය.
සිවිල් රජයක් දැන් බලයේ සිටිය ද හමුදාව පාකිස්ථාන දේශීය දේශපාලනය තුළ විශාල කාර්යභාරයක් ඉටු කරමින් ආර්ථිකය තුළට පිවිසෙන බව ඔවුන්ගේ අදහස වී තිබේ.
“ඇත්ත වශයෙන්ම, 2021 එක්සත් ජාතීන්ගේ වාර්තාවක් මිලිටරියට සම්බන්ධ ව්‍යාපාර ‘පාකිස්ථානයේ විශාලතම සමූහ ව්‍යාපාරය’ ලෙස විස්තර කර තිබෙනවා. තත්ත්වය යහපත් අතට හැරී නැහැ. ඒ වෙනුවට පාකිස්ථාන හමුදාව දැන් පාකිස්ථානයේ විශේෂ ආයෝජන පහසුකම් කවුන්සිලයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා.” යැයි ඉන්දියාව පවසයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල විස්තීර්ණ අරමුදල් පහසුකමේ ණය දීමේ වැඩසටහන (ඩොලර් බිලියන 1) සමාලෝචනය කළ අතර පකිස්ථානය සඳහා නව ඔරොත්තු දීමේ සහ තිරසාර පහසුකම යටතේ ණය දීමේ වැඩසටහනක් (ඩොලර් බිලියන 1.3) ද සළකා බැලීය.
ක්‍රියාකාරී සහ වගකිවයුතු සාමාජික රටක් ලෙස, පාකිස්ථානයේ දුර්වල වාර්තාවක් ලබා දී ඇති අවස්ථාවක, IMF වැඩසටහන්වල කාර්යක්ෂමතාව සහ රාජ්‍ය අනුග්‍රහය ලත් දේශසීමා ත්‍රස්තවාදය සඳහා ණය මූල්‍යකරණ අරමුදල් අනිසි ලෙස භාවිත කිරීමේ හැකියාව පිළිබඳව ඉන්දියාව කණස්සල්ල පළ කළේය.
දේශසීමා ත්‍රස්තවාදයට අඛණ්ඩව අනුග්‍රහය දැක්වීම ගෝලීය ප්‍රජාවට භයානක පණිවිඩයක් යවන බවත්, අරමුදල් සපයන ආයතන සහ පරිත්‍යාගශීලීන් අවදානම්වලට නිරාවරණය කරන බවත්, ගෝලීය වටිනාකම් සමච්චලයට ලක් කරන බවත් ඉන්දියාව පෙන්වා දුන්නේය.
ඉන්දියාවේ ප්‍රකාශ සහ ඡන්දය දීමෙන් වැළකී සිටීම IMF සැළකිල්ලට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart