
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව සම්පූර්ණයෙන්ම තම රටේ නිෂ්පාදිත අමුද්‍රව්‍ය සහ උපාංග භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද ප්‍රථම ‘AK-203 Sher’ ප්‍රහාරක රයිෆලය සාර්ථකව පරීක්ෂා කර තිබේ.
උත්තර ප්‍රදේශයේ අමේති දිස්ත්‍රික්කයේ කෝර්වා හි පිහිටි ඉන්දියා-රුසියා ඒකාබද්ධ ව්‍යාපාරයක් වන Indo-Russian Rifles Private Limited ආයතනය විසින් මෙම රයිෆලය නිෂ්පාදනය කර ඇත.
විදේශීය ආයුධ මත යැපීම අවම කරමින් දේශීය ආරක්ෂක නිෂ්පාදන ඉහළ නැංවීමේ ‘Make in India’ වැඩසටහන යටතේ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස මෙය සැලකෙන බව මාධ්‍ය වාර්තා කරයි.
මෙම රයිෆලය සඳහා භාවිත කර ඇති සෑම උපාංගයක්ම ඉන්දීය කර්මාන්තවලින් ලබාගෙන ඇති අතර, රුසියානු තාක්ෂණයෙන් යුත් මෙම ආයුධය මුල සිට අගටම දේශීයව නිපදවීම විශේෂත්වයකි.
මුළුමනින්ම දේශීයව නිෂ්පාදිත මෙම ප්‍රථම රයිෆලයේ වෙඩි තැබීමේ පරීක්ෂණ සාර්ථක වී ඇති අතර, 2026 සැප්තැම්බර් මාසයේදී ඉන්දීය හමුදාව විසින් පැවැත්වීමට නියමිත පරීක්ෂණ සඳහා තවත් ආදර්ශක නිෂ්පාදනය කරමින් පවතී.
ඉන්දීය හමුදාව දැනට භාවිත කරන පැරණි INSAS රයිෆල් වෙනුවට මෙම AK-203 රයිෆල් 601,427ක් ලබා ගැනීමට 2021 දෙසැම්බර් මාසයේදී ගිවිසුම් අත්සන් කර තිබිණි.
මීට අමතරව, මෙම තුවක්කු සඳහා අවශ්‍ය 7.62×39 mm පතොරම් දේශීයව සැපයීම සඳහා Adani Defence & Aerospace ආයතනය විසින් IRRPL සමඟ වසර 5ක ගිවිසුමකට එළඹ ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart