
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව ලොව දෙවැනි විශාලතම තේ අපනයනකරු බවට පත්ව ඇතැයි වාර්තා වේ.
ඉන්දියානු තේ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, 2024 දී ඉන්දියාව තේ කිලෝග්‍රෑම් මිලියන 254ක් අපනයනය කර තිබේ.
ඒ අනුව ගෝලීය තේ අපනයනයේ පළමු ස්ථානයේ කෙන්යාව රැඳී සිටියදී, ඉන්දියාව ශ්‍රී ලංකාව අභිබවා දෙවන ස්ථානයට පත්ව ඇත.
2024 දී කෙන්යාව තේ කිලෝග්‍රෑම් මිලියන 500කට වඩා ගෝලීය වෙළඳපොළට අපනයනය කර තිබේ.
2023 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තේ අපනයනයේදී කිලෝග්‍රෑම් මිලියන 231 පමණ ප්‍රමාණයක් සමඟ කරට කර සිටි නමුත් 2024 දී ඉන්දියාව තවත් අපනයන කිලෝග්‍රෑම් මිලියන 24ක් අපනයන කිරීමත් සමග ශ්‍රී ලංකාව අභිබවා ගොස් ඇත.
ඉන්දියාවේ 2024 තේ අපනයන වටිනාකම රුපියල් කෝටි 7,112 කි.
2018 වසර හැර පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවේ අපනයන අගයන් කිලෝග්‍රෑම් මිලියන 200-225 පමණ වූ අතර, මෙම ආකර්ෂණීය වර්ධනය තේ කර්මාන්තයට 2030 වන විට කිලෝග්‍රෑම් මිලියන 300 සීමාවට ළඟාවීමට බලාපොරොත්තුවක් ලබා දී ඇතැයි ඉන්දියාව පවසයි.
ඉන්දියාව සාමාන්‍යයෙන් සෑම වසරකම තේ කිලෝග්‍රෑම් මිලියන 1,400 නිෂ්පාදනය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart