
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ ප්‍රථම ඩෙංගු එන්නත ලෙස Takeda Biopharmaceuticals India සමාගම මගින් නිෂ්පාදිත QDENGA එන්නත වෙළඳපොළට නිකුත් කිරීම සඳහා ඉන්දියානු ඖෂධ පාලක ජෙනරාල්වරයා විසින් අනුමැතිය ලබා දී තිබේ.
වයස අවුරුදු 4 ත් 60 ත් අතර පුද්ගලයන් සඳහා මෙම එන්නත අනුමත කර ඇති අතර, මීට පෙර ඩෙංගු වැළඳී තිබේද නැද්ද යන්න නොසලකා ඕනෑම අයෙකුට මෙය ලබාගත හැකිය.
ඇතැම් ඩෙංගු එන්නත් මෙන් නොව, QDENGA එන්නත ලබා ගැනීමට පෙර පරීක්ෂණ (Pre-vaccination screening) සිදු කිරීම අවශ්‍ය නොවන බැවින්, සුදුසුකම් ලබන පුද්ගලයන්ට පෙර ඩෙංගු ආසාදනයක් වී තිබේදැයි පරීක්ෂා කිරීමෙන් තොරවම එන්නත ලබාගැනීමේ හැකියාව පවතී.
වසරකට මිලියන සංඛ්‍යාත ජනතාවකට බලපාන මදුරුවන්ගෙන් බෝවන රෝගයක් වන ඩෙංගු මර්දනය සඳහා ඉන්දියාව තැබූ තීරණාත්මක පියවරක් ලෙස මෙම අනුමැතිය හැඳින්විය හැකි බව ‘තකේඩා’ සමාගම පවසයි.
“2022 වසරේ හඳුන්වාදීමේ සිට මේ දක්වා QDENGA එන්නත රටවල් 43 ක අනුමත වී ඇති අතර, ගෝලීය වශයෙන් එන්නත් මාත්‍රා මිලියන 32 කට වඩා බෙදා හැර තිබෙනවා. ඉන්දියාවේ ඩෙංගු මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා මෙම අනුමැතිය ලැබීම ඉතා වැදගත් පියවරක්,” යනුවෙන් තකේඩා සමාගමේ අන්තර් මහද්වීපික වෙළඳපොළ ප්‍රධානී මහේන්දර් නායක් පැවසීය.
වසර හතක කාලයක් පුරා රැස් කරන ලද දීර්ඝකාලීන දත්තවලට අනුව, ඩෙංගු වෛරසයේ ප්‍රභේද හතරෙන්ම සිදුවන ආසාදන සහ රෝහල්ගතවීම්වලින් ආරක්ෂා වීමට මෙම එන්නත දිගටම උපකාරී වන බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම අනුමැතිය සඳහා පදනම් වී ඇත්තේ ඩෙංගු බහුලව පවතින සහ නොපවතින රටවල පුද්ගලයන් 28,000 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකළ ‘තකේඩා’ සමාගමේ පළමු, දෙවන සහ තෙවන අදියරේ සායනික පරීක්ෂණ 19 ක සොයාගැනීම් ය.
මීට අමතරව, වයස අවුරුදු 4 ත් 60 ත් අතර පුද්ගලයන්ගේ සුරක්ෂිතතාව සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය ඇගයීම සඳහා ඉන්දියාවේදී පවත්වන ලද ‘DEN-302’ තෙවන අදියරේ සායනික පරීක්ෂණයේ ප්‍රතිඵල ද මෙම තීරණයට උපකාරී වී ඇත.
QDENGA එන්නත මස 3 ක පරතරයක් සහිතව, සම තුළට එන්නත් කරන මිලිලීටර 0.5 ක මාත්‍රා දෙකක් ලෙස ලබා දෙනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart