
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය නායක රෝහිත් ෂර්මාට සහ සුපිරි පිතිකරු විරාත් කෝලිට මේ වසර අගදී ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී නොවීමට බොහෝදුරට ඉඩ තිබේ.
ඊට පෙර ඉන්දියාවේදී දීර්ඝ ටෙස්ට් තරග වාරයක් පවතින බැවින් ඔවුන් දෙදෙනා විවේක ගන්වනු ඇතැයි වාර්තා වේ.
ඉදිරි තරගාවලියේදී රෝහිත්ගේ නොපැමිණීම හේතුවෙන් හර්දික් පාණ්ඩ්‍යා හෝ කේ.එල්. රාහුල් කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.
PTI පුවත් සේවය විසින් වාර්තා කර ඇති පරිදි, මෑතකදී T20 තරග බිමින් විශ්‍රාම ගත් රෝහිත් සහ කෝලි, IPL ආරම්භයේ සිට පසුගිය මාස තුනක වෙහෙස සැළකිල්ලට ගනිමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙතින් දිගු විවේකයක් ඉල්ලා තිබේ.
37 හැවිරිදි රෝහිත් අවසන් වරට විවේකයක් ගෙන මාස හයකට ආසන්න කාලයක් ගත වී ඇත.
පසුගිය දෙසැම්බර්-ජනවාරි දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟාවලියේ සිට සෑම තරඟාවලියක්ම රෝහිත් ක්‍රීඩා කළ අතර, ඉන් පසුව ඇෆ්ගනිස්ථාන T20I, එංගලන්ත ටෙස්ට් තරඟාවලිය, IPL සහ මෑතකදී අවසන් වූ T20 ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කළේය.
“ඉදිරි මාස කිහිපය සඳහා ඔවුන් දෙදෙනාම ටෙස්ට් තරඟ සඳහා ප්‍රමුඛත්වය දෙනු ඇති අතර, සැප්තැම්බර් සිට ජනවාරි දක්වා ඉන්දියාව සමග ටෙස්ට් තරග 10ක් ක්‍රීඩා කරනු ඇත.” යැයි ජනමාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart