
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඩොලර් මිලියන 2.5ක වංචාවක් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද තාක්ෂණික විමර්ශන කමිටුව සත්‍යය සැඟවීමේ අරමුණින් අදාළ ලේඛන වෙනස් කර ඇති බවට නිදහස් නීතිඥයෝ සංවිධානය ඊයේ චෝදනා කළේය.
නිදහස් නීතිඥයෝ සංවිධානයට අනුයුක්ත සිවිල් ක්‍රියාකාරික කීර්ති තෙන්නකෝන් විමර්ශනය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.එන්. හපුගලගේ සභාපතිත්වයෙන් යුත් තවත් සාමාජිකයන් හතර දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික විමර්ශන කමිටුවක් 2026 මාර්තු මාසයේදී අභ්‍යන්තර විමර්ශනය සඳහා පිහිටුවන ඇති බවයි.
මීට අමතරව නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් වන ඒ.එන්. හපුගල සහ එස්.එස්. මුදලිගේ යන අයගේ සම සභාපතිත්වයෙන් යුත් තවත් සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත ‘තාක්ෂණික විමර්ශන කමිටුවක්’ පත් කළ බවට එම අංකය සහ දිනය සහිත තවත් ලිපියක් ද නිකුත් කර ඇතැයි ඔහු සඳහන් කරයි.
නිදහස් නීතිඥයෝ සංවිධානය පවසන්නේ සම සභාපතිවරුන් දෙදෙනාගේ නම් සහිත කමිටුව පත් කිරීමේ ලිපියක් මහා භාණ්ඩාගාරය වෙත 2026 අප්‍රේල් 21 වැනිදා යොමු කර ඇති බවයි.
මෙම ලිපිවලට එම කාර්යාලවල දින මුද්‍රා තබා තිබී ඇත.
සොරකම සොයා ගැනීමෙන් පසු, බලගතු අධ්‍යක්ෂ ජනරාල්වරයකු මෙම ලේඛන පාලනය කර ඇති බවත් 2026 අප්‍රේල් 10 දිනැති වාර්තාව භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම වෙත භාර දී තිබුණු බවත් නිදහස් නීතිඥයෝ සංවිධානය කියයි.
ඔවුන්ට අනුව 2026 අප්‍රේල් 17 වැනිදා නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීම සඳහා මෙම වාර්තාව පදනමක් ලෙස භාවිත කර තිබේ.
අත්හිටුවීම සඳහා පදනමක් ලෙස භාවිත කරන ලද ලේඛන දැන් වෙනස් කර ඇති බවට නිදහස් නීතිඥයෝ සංවිධානය චෝදනා කරයි.
අභ්‍යන්තර විමර්ශනයට අදාළ ලේඛන වෙනස් කිරීමෙන් අපරාධයට සම්බන්ධ සැබෑ පාර්ශවයන්ට පැන යෑමට මුදල් ලේකම්වරයා දැනටමත් මාර්ගයක් විවෘත කර ඇති බව එම සංවිධානයේ මතයයි.
මුදල් අමාත්‍යාංශය දැනට දින වෙනස් කිරීම සහ විමර්ශන ලිපි සකස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවටත් ලේකම් හර්ෂණ සූරියප්පෙරුමට තවදුරටත් එම තනතුරේ කටයුතු කළ නොහැකි බවත් නිදහස් නීතිඥයෝ සංවිධානය අවධාරණය කරයි.
2025 සැප්තැම්බර් 7 වැනිදා සිදු වූ පරිගණක පද්ධති බිඳවැටීම පිළිබඳ අප්‍රේල් 21 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා විය.
පසුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු භාණ්ඩාගාරයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෙනසුරාදා (අප්‍රේල් 25) භාණ්ඩාගාරයේ පරිගණක, ලැප්ටොප්, සිම් කාඩ්පත් සහ දුරකථන අත්පත් කර ගෙන තිබිණි.
මෙම වංචාව පිටුපස දේශපාලන වාසියක් තිබේද යන්න විමර්ශනය කරන බව මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ඊයේ පැවසීය.
නිදහස් නීතිඥයෝ සංවිධානය පවසන්නේ තම සංවිධානය හෙළිදරව් කිරීම් සිදු කරනතුරු ලේකම් සූරියප්පෙරුම මේ ගැන දැන සිටියේ නැති බවයි.
පසුගිය මාස 12 තුළ භාණ්ඩාගාරය ‘දේශපාලන කල්ලියක්’ විසින් පාලනය කරන බවටත් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා නින්දෙන් අවදි වී බයිලා කියන බවටත් මේ සඳහා වගකීම ලිපිකරුවන් මත පැටවීමට ඔවුන් උත්සාහ කරන බවටත් නිදහස් නීතිඥයෝ සංවිධානය චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart