
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැඩිකළ පොහොර සහනාධාරය අදියර 2කින් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
වැඩිකළ පොහොර සහනාධාරය මහ මැතිවරණය අවසන් වන තෙක් අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසම කළ දැනුම්දීම හේතුවෙන් එම පියවර ගත් බව අමාත්‍යාංශ ලේකම් එම්.පී එම් වික්‍රමසිංහ ජනමාධ්‍ය වෙත පවසා ඇත.
ඒ අනුව මෙතෙක් ගෙවන ලද රුපියල් 15000 ක පොහොර සහනාධාරය ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත කඩිනමින් මුදාහැරෙනු ඇත.
එමගින් මහ කන්නයේ මඩ පොහොර අවශ්‍යතාව සඳහා ඔවුන්ට මුදල් ලබාගැනීමට හැකියාව ලැබේ.
ජනාධිපතිවරයා විසින් වැඩිකළ රුපියල් 10,000 මුදල මැතිවරණය අවසන් වූ පසු ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත මුදාහරින බව ලේකම්වරයා ප්‍රකාශ කරයි.
ඒ අනුව ගැටලුවකින් තොරව මහ කන්නයේ වගාව ආරම්භ කරන ගොවීන්ට පොහොර සහනාධාර මුදල භාවිත කිරීමට හැකියාව ලැබෙන බව අමාත්‍යාංශ ලේකම් එම්.පී එම් වික්‍රමසිංහ වැඩිදුරටත් පවසයි.
හෙක්ටයාර් එකකට ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා වැඩිකිරිමට ජනාධිතිවරයා පසුගියදා පියවර ගත්තේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart