
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිවා සහ රාත්‍රී කාලයේ අධික උෂ්ණත්වය හේතුවෙන් ළමුන් අතර දහඩිය බිබිලි, දද වැනි චර්ම රෝග පැතිරීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා රෝහලේ (LRH) ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
අධික රස්නය සහ දහදිය දැමීම නිසා දරුවන් නෑවීම අඩුකිරීම මෙලෙස චර්ම රෝග වැඩිවීමට හේතුවී ඇති බව ඔහු ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කරයි.
අධික උණුසුම පැවැතියද දරුවන් නෑවීමට බිය නොවන්නැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මාපියන්ට උපදෙස් දෙයි.
“ළමයින්ට නාන්න නොදුන්නොත් චර්ම රෝග වැඩි වෙනවා. දවල්ට හරි හවසට හරි විනාඩි 20ක්වත් ළමයින්ට නාන්න, වතුර එක්ක සෙල්ලම් කරන්න දෙන්න. ස්නානයෙන් සමේ රෝග පාලනය කළ හැකියි. මේ තත්ත්වය නොසළකා හැරියොත් බැක්ටීරියා ආසාදන තත්ත්වයට පත් වෙන්න පුළුවන්. සැරව බිබිලි ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව උණ, සංකූලතා ඇති වෙන්න පුළුවන්.ඒ නිසා මෙය වළක්වාගන්න කියලා අපි දෙමාපියන්ට මතක් කරනවා.” යැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් සඳහන් කරයි.
(dailymirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart