
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණයට ඉදිරිපත් කරන ලද මත්ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකරන ලද දාහක යන්ත්‍රය ලබන මාසයේදී විවෘත කරන බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය.
අධිකරණයට ඉදිරිපත් කරන ලද හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් පමණ පළමු දිනයේදී විනාශ කරන බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ වස, අබිං සහ අන්තරායකර ඖෂධ ආඥාපනත යටතේ වන රෙගුලාසි සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ගත් අවස්ථාවේදීය.
නව රෙගුලාසි යටතේ, අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය තොගයේ සාම්පලයක් සහ අවශ්‍ය අනෙකුත් සාක්ෂි ලබාගැනීමෙන් අනතුරුව නඩුව අවසන් කිරීමට පෙර ඒවා විනාශ කරන ලෙස මහේස්ත්රාත්වරයාට නියෝග කළ හැකි බවද ඇමැතිවරයා පැවසීය.
“මහේස්ත්‍රාත්වරයා, පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහභාගිත්වයෙන් නිසි ක්‍රමවේදයක් යටතේ මත්ද්‍රව්‍ය විනාශ කරනවා.” ඔහු පැවැසීය.
දහන යන්ත්‍රය විවෘත කිරීමෙන් පසු අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය මසකට වරක් විනාශ කිරීමට පියවර ගන්නා බවද ඇමැති විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart