
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අප්‍රේල් මාසයේදී වැඩිපුර ඉන්ධන නැව් තොග ඇණවුම් කිරීම හේතුවෙන් මැයි මාසයේදී ඉන්ධන ආනයනය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 520ක් වැය කිරීමට සිදු වූ බවත්, ජූලි මාසය වන විට එම ඉන්ධන වියදම ඩොලර් මිලියන 198 දක්වා අඩුවනු ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා ප්‍රකාශ කළේය.
සාමාන්‍යයෙන් මසකට බොරතෙල් නැව් තොග දෙකක් ඇතුළුව ඉන්ධන නැව් තොග පහක් පමණක් ඇණවුම් කළද, පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්ධන නැව් තොග එකොළහක් ඇණවුම් කිරීමට සිදු වූ බව සභාපතිවරයා පැවසීය.
පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් නොමැති වීම සහ විදුලි උත්පාදනය සඳහා වැඩි ඩීසල් තොග ප්‍රමාණයක් අවශ්‍ය වීම හේතුවෙන් අප්‍රේල් මාසයේදී වැඩිපුර ඉන්ධන නැව් තොග ඇණවුම් කිරීමට සිදු වූ බව සභාපතිවරයා පෙන්වාදුන්නේය.
“අප්‍රේල් මාසයේදී එක් ඩීසල් නැව් තොගයක්ම සම්පූර්ණයෙන්ම භාවිත කළේ විදුලි උත්පාදනය සඳහා. පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් අප්‍රේල් මාසයේ රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම ඉහළ මට්ටමක පැවතීමත්, නියඟය නිසා ජල විදුලි උත්පාදනය පහත වැටීමත් හේතුවෙන් විදුලි උත්පාදනය සඳහා වැඩි ඩීසල් තොග ප්‍රමාණයක් අවශ්‍ය වුණා” යැයි ඔහු පැවසීය.
මැයි මාසයේදී ඩොලර් මිලියන 512ක් වූ ඉන්ධන ආනයන වියදම ජූනි මාසයේදී ඩොලර් මිලියන 318ක් දක්වා අඩු වී ඇති අතර, ජූලි මාසයේදී එය ඩොලර් මිලියන 198 දක්වා තවදුරටත් අඩු වනු ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.
මෙලෙස ඉන්ධන ආනයන වියදම් අඩුවීම, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම සඳහා එල්ල වන බලපෑම අවම කිරීමට හේතු වනු ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart