August 8, 2023

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක යාන්ත්‍රණයේ ගැටළු මතු වී ඇතැයි පෙනෙන්නට තිබෙන බවත්, තමන්ට පක්ෂයෙන් ඉවත් වී දේශපාලනයෙන් ද ඉවත්වන ලෙසට තර්ජන ලැබී ඇති බවත් එම පක්ෂයේ මහරගම සම සංවිධායක ටෙලිනාට්‍ය නළු රොඩ්නි ෆ්‍රේසර් සඳහන් කරයි.

සිය පවුලේ අයට තමා දේශපාලනයෙන් ඉවත් වීම අවශ්‍ය වූ බවත්, එම නිසා ඔහු පක්ෂයෙන් ඉල්ලා අස්වීමටත් දේශපාලනයෙන් ඉවත් වීමටත් බලාපොරොත්තුවන බවත්, පසුගියදා මහරගමදී පැවැති රැස්වීමකදී සඳහන් කළේය.

තමන්ගේ සේවය අවශ්‍ය නැතිනම් තමන්ව පක්ෂයෙන් ඉවත් කරන මෙන් පක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම පැවැසීය.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසද සහභාගී වූ රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ සාමාජිකයෙක් ලෙස මෙම කතාව තමන්ගේ අවසාන කතාව විය හැකි බව ඔහු පැවැසීය.

සමගි ජන බලවේගයේ නායකයාගේ ප්‍රචාරක කටයුතු සඳහා සිය පෞද්ගලික මුදල් වියදම් කර ඇති බවත්, දේශපාලනය කිරීමට තම පෞද්ගලික දේපළ පවා විකුණා ඇති බවත්, හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.