
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිරගතව සිටින තමන්ට මාරාන්තික වෛද්‍ය හදිසි තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවත්, තම බිරිඳට සදාකාලිකවම පෙනීම අහිමි වීමේ අවදානමක් පවතින බවත් අනතුරු අඟවමින් හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් එරට ඉහළම අධිකරණ ප්‍රධානීන් වෙත හදිසි විවෘත ලිපියක් යොමු කර තිබේ.
අඩියාලා බන්ධනාගාරයේ සිට යොමු කළ මෙම ලිපිය මගින් ඔහු ඉල්ලා ඇත්තේ තමන්ට කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙසත්, මෙතෙක් ක්‍රියාත්මක නොකළ අධිකරණ නියෝග වහාම බලාත්මක කරන ලෙසත්ය.
පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණයේ, ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ සහ ඉස්ලාමාබාද් මහාධිකරණයේ අගවිනිසුරුවරුන් අමතමින් නොවැම්බර් 16 වැනි දිනැතිව මෙම ලිපිය සකස් කර ඇත. නොවැම්බර් 11 වැනිදා රාවල්පින්ඩිහි අඩියාලා මධ්‍යම බන්ධනාගාරය තුළ පැය තුනක කාලයක් පැවති නීති උපදේශනයකින් පසුව, ඔහුගේ නීතිඥ සල්මාන් සෆ්දාර් මාර්ගයෙන් මෙම ලිපිය අදාළ අංශ වෙත යොමු කර තිබේ.
ඉම්රාන් ඛාන්ගේ පුත් කාසිම් ඛාන් ‘X’ සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ මෙම ලිපිය ප්‍රසිද්ධියට පත් කර ඇති අතර, මෙය පාකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයා ඝාතනය කිරීමක් ලෙස හඳුන්වමින් ඊට එරෙහිව වහා ක්‍රියාත්මක වන ලෙස ඉල්ලීමක් කර ඇත.
“පියාගේ මෙම ලිපිය කියවීම හදවත කම්පා කරවන්නක්. ඔවුන් ඔහුට ලබා දෙන මෙම වධහිංසා අවසානයේ ඔහුගේ ජීවිතය බිලිගනු ඇති. අප මේ බලා සිටින්නේ පාකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නායකයා ඝාතනය කරන ආකාරයයි,” යනුවෙන් කාසිම් ඛාන් සිය සටහනේ වැඩිදුරටත් දක්වා ඇත.
දීර්ඝ කාලයක් තිස්සේ හුදකලා සිරමැදිරියක රඳවා තැබීම හේතුවෙන් තම සෞඛ්‍ය තත්ත්වය දැඩි ලෙස පිරිහී ඇති බව 74 හැවිරිදි පාකිස්තාන් තෙහ්රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂ නිර්මාතෘවරයා සිය ලිපියෙන් අනාවරණය කර තිබේ. පසුගිය සතිය තුළ තම රුධිර පීඩනය 192 සහ 193 වැනි ඉතා අනතුරුදායක මට්ටම් දක්වා ඉහළ ගිය බව පෙන්වා දෙන ඔහු, ඒ හේතුවෙන් තමන්ට මොළයේ රුධිර වහනයක් හෝ හෘදයාබාධයක් ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව ද සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart