
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 12ක් සිරගතව සිටින ඉරාන කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක් වන නර්ගීස් මොහොමඩි අද නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තාය.
මොහොමඩි වසර 122 ක් පැරණි ත්‍යාගය දිනාගත් 19 වැනි කාන්තාව වන අතර, 2021 දී රුසියාවේ දිමිත්‍රි මුරටොව් සමඟ එක්ව මෙම සම්මානය දිනාගත් පිලිපීනයේ මරියා රෙස්සාගෙන් පසු එය ලැබූ පළමු කාන්තාව වේ.
කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් අඛණ්ඩව පෙනීසිටි මොහොමඩි, ඉරාන පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය මාසා අමීනි වෙනුවෙන් යුක්තිය ඉල්ලා වීදි සටන් ආරම්භ කිරීමේ පුරෝගාමියෙකි.
හිස් පළඳනා ගිනි තබමින් කාන්තා විමුක්තිය ඉල්ලා ඇය මෙහෙයවූ සටන් ලෝකයේම අවධානයට පාත්‍ර විය.
ආණ්ඩුව විසින් පනවා ඇති දැඩි නීති මධ්‍යයේ කාන්තාවන්ගේ අයිතීන් දිනාදීම වෙනුවෙන් විරෝධතාවල නිරත වූ ඇය, පොලිස් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරිණි.
කෙසේ වෙතත් ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවයට පැමිණීම සඳහා ඇයට නිදහස හිමිවනු ඇතැයි නොබෙල් ත්‍යාග කමිටුව පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart