
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරටට ආනයනය කෙරෙන බිත්තර ජනතාවට මිලදී ගැනීම වෙනුවෙන් දේශීය සිල්ලර වෙළෙඳපොළේ අලෙවි කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත.
දැනට අවසර ලබාදී ඇත්තේ ආනයනික බිත්තර බේකරි නිෂ්පාදන සඳහා යොදාගැනීමට පමණකි.
ඒ අනුව දැනට නිකුත් කර ඇති මාර්ගෝපදේශ සංශෝධනය කරමින් ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළෙහි අලෙවිය සඳහා ඉඩලබාදීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
දැනට වෙළෙඳපොළ තුළ පවතින බිත්තර හිඟය සැලකිල්ලට ගනිමින් ජනතාවට පහසුවෙන් බිත්තර ලබාදීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart