
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සහ එය සම්මත වීමෙන් පසුව, විපක්ෂයේ ඉදිරි එකමුතුකම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගය සහ නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් පක්ෂ මූලස්ථානයේදී පවත්වා ඇත.
පාර්ලිමේන්තු ක්‍රියාවලිය අතරතුර විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ පාර්ශවකරුවන් එක්ව කටයුතු කළ ආකාරය මෙහිදී දෙපාර්ශවයේම ඇගයීමට ලක්වූ අතර, ඉදිරියටත් මෙලෙස ඒකාබද්ධ සාකච්ඡා පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව අවධාරණය කෙරිණි.
ඉදිරි සතිය තුළ විපක්ෂයේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එකමුතු කරගනිමින් ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගැනීමේ මහා සංවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
සමගි ජන බලවේගය වෙනුවෙන්ම මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජීව සේනසිංහ, කවින්ද ජයවර්ධන, ජේ.සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා මෙම රැස්වීමට සහභාගී වූහ.
නිදහස් මෙහෙයුම් මධ්‍යස්ථානය වෙනුවෙන් නීතිඥ ෂිරාස් ලක්තිලක, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, හිටපු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී. දොළවත්ත සහ සමන් රත්නප්‍රිය ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart