
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආසන පටි පැළඳීම හුදෙක් නීතිමය අවශ්‍යතාවයකට වඩා තම ජීවිතාරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස සලකන ලෙස අන්තර්ජාති මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මෙරට රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
කොට්ටාව අධිවේගී පිවිසුමේ පැවති ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩසටහනට එක්වෙමින් ඔහු පැවසුවේ, මෙරට බොහෝ රියදුරන් රථවාහන පොලිසියට සහ දඩුවම්වලට බියෙන් ආසන පටි සවිකරන නමුත් විදේශ රටවල රියදුරන් ඒවා පළඳින්නේ පෞද්ගලික ආරක්ෂාව සහ තම ආදරණීයයන්ගේ ආරක්ෂාව සඳහා බවයි.
ඒ සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීමේ කාලීන අවශ්‍යතාව අවධාරණය කළ ඔහු, මාර්ග අනතුරුවලින් වාර්ෂිකව 3,000කට ආසන්න පිරිසක් මියයන බවත්, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් ආසන පටි පැළඳ නොසිටීම නිසා එලෙස අනතුරුවලට මුහුණදෙන බවත් හෙළිකළේය.
මේ අතර, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනය කළේ, සැප්තැම්බර් 1 වැනිදා සිට අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස් රථවල ගමන් ගන්නා මගීන්ට මෙන්ම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල අසුන්ගෙන සිටින මගීන්ටද ආසන පටි පැළඳීම අනිවාර්ය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart