
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිසියට ප්‍රකාශයක් ලබාදීමට බලකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාසල් සිසුන් සිව්දෙනකු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(08) අවසර ලබාදුන්නේය.
එවකට වයස අවුරුදු 14 ට අඩු අල්-සුහ්රියා අරාබි විද්‍යාලයේ සිසුන් වූ මෙම පෙත්සම්කරුවන් චෝදනා කර ඇත්තේ, තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පැය 14 කට වැඩි කාලයක් රඳවා තබා ගත් බවයි.
තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පිටව යාමට අවසර දුන්නේ හිජාස් හිස්බුල්ලාගේ ඡායාරූපයක් පෙන්වමින් ඔහු අල්-සුහ්රියා අරාබි විද්‍යාලයේ දේශන පැවැත්වූ බවට හඳුනා ගැනීමට බල කිරීමෙන් පසුව බව පෙත්සම්කරුවෝ චෝදනා කර ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, ජනාධිපති නීතිඥ ෆාමන් කාසිම්, නීතිඥ ශාන්ත ජයවර්ධන සහ නුවන් බෝපගේ පෙනී සිටි අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත් බණ්ඩාර පෙනී සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart