
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි ඒකකයේ ප්‍රධානියා වන සුරේෂ් සලේ සහ නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති පිල්ලෙයාන් එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කිරීම ආරක්ෂ ඇමති රනිල් වික්‍රමසිංහ විසින් කළ යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (06) පැවැති ජනමාධ්‍ය හමුවකදී අවධාරණය කළේය.
එහීදි ඔහු සදහන් කළේ, පාස්කු ප්‍රහාරය සැලසුම් සහගතව සිදු කළ ප්‍රහාරයක් බවට තොරතුරු චැනල් ෆෝ මගින් මුදාහළ වීඩියෝ මගින් අනාවරණය වූ බවත්, මව්ලානා නම් පුද්ගලයා හෙළිකළ තොරතුරු අනුව සුරේෂ් සලේ සහ පිල්ලෙයාන් යන අය ප්‍රහාරය සම්බන්ධයෙන් සෘජු සම්බන්ධයක් පැවැති බවට අනාවරණය වී ඇති බවත්ය.
තවද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටියදී සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස පත්වීම යන සිදුවීම සහ පාස්කු ප්‍රහාරය අතර අන්තර් සම්බන්ධයක් බවට සැකයක් ඇති බව මන්ත්‍රීවරයා පවසයි.
චෝදනා එල්ලවී තිබෙන සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු කරන බැවින් ඔහුව තනතුරෙන් ඉවත් කළ යුතු බවත්, ඔහුට මෙන්ම පිල්ලෙයාන් විරුද්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කීරිමේ වගකීම පවතින්නේ ආරක්ෂ ඇමති රනිල් වික්‍රමසිංහට බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart