
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හදිසි මූල්‍ය පහසුකම (RFI) යටතේ ශ්‍රී ලංකාව විසින් සිදුකරන ලද හදිසි සහන ඉල්ලීම සලකා බැලීම තම කඩිනම් ප්‍රමුඛතාවය බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසා තිබේ.
එහි ප්‍රකාශකයකු අවධාරණය කර ඇත්තේ මෙම තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමේදී හදිසි මූල්‍ය පහසුකමක් පිළිබඳ අධ්යක්ෂ මණ්ඩල සාකච්ඡාවලදී ප්‍රමුඛතාව ලබාදෙන බවයි.
මෙම හදිසි සහයෝගයට අමතරව, විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ පස්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් වන සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා නියෝජිත කණ්ඩායමක් ලබන වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද අන්තර්ජාතික මූල්‍ය අරමුදල තහවුරු කර තිබේ.
දෙසැම්බර් 15 වැනි දින අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවේ පස්වැනි සමාලෝචනය පැවැත්වීමට නියමිතව තිබූ අතර, එය අවසන් වූ පසු රටට ඇමරිකානු ඩොලර් මිලියන 358 ක් පමණ ලැබීමට නියමිතව තිබිණි.
මේ අතර, පසුගිය සතියේ මෙරටට බලපෑ දිත්වා සුළි කුණාටුවෙන් සිදුවූ ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකා රජය ඇමරිකානු ඩොලර් මිලියන 200 ක හදිසි මූල්‍ය පහසුකමක් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart