
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ චීනයේ අපනයන-ආනයන බැංකුව වන එක්සිම් බැංකුව අතර ඇති කර ගත් ගිවිසුම මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ‘ධනාත්මක ඉදිරි පියවරක්’ බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සඳහන් කරයි.
සියලුම නිල ණය හිමියන්ගේ මූල්‍ය සහතික කිරීම් ක්‍රියාත්මක වූ වහාම පළමු වැඩසටහන් සමාලෝචනය සමඟ ඉදිරියට යෑමට තමන් සූදානම් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අයිඑම්එෆ් ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෲවර් පවසා ඇත.
මේ අතර, ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකමේ (EFF) දෙවන වාරිකය නිකුත් කිරීම පිළිබඳව එම අරමුදලේ විධායක කමිටුව දෙසැම්බර් 06 වැනිදා සාකච්ඡා කිරීමට නියමිත බව රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඔක්තෝබර් 11 වැනිදා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කළේ, චීනයේ එක්සිම් බැංකුව සමඟ ණය ප්‍රතිකාරයක ප්‍රධාන මූලධර්ම සහ ඇඟවුම් කොන්දේසි පිළිබඳව ශ්‍රී ලංකාව එකඟතාවකට පැමිණ ඇති බවයි.
මෙම ගිවිසුම ප්‍රතිපත්තිමය වශයෙන් ඩොලර් බිලියන 4.2ක හිඟ ණය ප්‍රමාණයක් ආවරණය කරන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart