
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ණය දෙන රටවල් ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගෙන ඇති නිශ්චිත ගිවිසුම් පිළිබඳව මෙතෙක් තමන් දැනුවත් කර නොමැති බව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි.
චීනය ශ්‍රී ලංකාව සමඟ තාවකාලික ගිවිසුමකට එළැඹ ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රකාශකවරයාගෙන් කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පවසා ඇත.
ශ්‍රී ලංකාව සඳහා වූ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “ශ්‍රී ලංකාව සහ එහි සියලුම ණය හිමියන් අතර සාකච්ඡා සිදුවෙමින් පවතින බව අපි දනිමු. නිශ්චිත ගිවිසුම් කිසිවක් ගැන තවමත් අපව දැනුවත් කර නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ඉලක්ක සමඟ අනුකූලතාව තක්සේරු කිරීම සඳහා අපට සම්පූර්ණ ගිවිසුම් පැකේජයම තක්සේරු කිරීමට අවශ්‍ය වනු ඇත” යනුවෙනි.
චීනය ආශ්රිත ණය පියවීම සඳහා චීනයේ අපනයන-ආනයන බැංකුව ශ්‍රී ලංකාව සමඟ මූලික ගිවිසුමකට පසුගියදා එළඹුණු බව චීන විදේශ අමාත්‍යංශය උපුටා දක්වමින් කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart