
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බදු ඉහළ දැමීමත් සමඟ නීතිවිරෝධී මත්පැන් පරිභෝජනය, විශේෂයෙන්ම ‘කසිප්පු’ පරිභෝජනය 19% සිට 30% දක්වා සැළකිව යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි පවසයි.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බදු වැඩිකිරීමත් සමඟ මධ්‍යසාර මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය බැවින් ඊට සමගාමීව නීතිවිරෝධී මත්පැන් වෙළඳපොළට පැමිණීම ද ඉහළ ගොස් ඇති බවයි.
2024 අයවැය යෝජනාවට අනුව රාජ්‍ය ආදායම් උත්පාදනය කිරීමේ තුන්වැනි ප්‍රධාන දෙපාර්තමේන්තුව ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ රුපියල් බිලියන 232ක් රැස්කර ගැනීමට අපේක්ෂා කරයි.
රජය විසින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බව කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.
“ඇතැම් දිස්ත්‍රික්කවල රජය විසින් මත්පැන් බලපත්‍ර නිකුත් නොකිරීම පුදුම සහගතයි. මෙම දිස්ත්‍රික්කවල ජනතාවට රජයෙන් අවසර ලත් මත්පැන් අලෙවිසැලක් සොයා ගැනීමට අවම වශයෙන් කිලෝමීටර් 30ත් 40ත් අතර දුරක් යෑමට සිදුව තිබෙනවා. ඒ නිසා නීති විරෝධී මත්පැන් අලෙවි කරන පුද්ගලයන් මෙම ප්‍රදේශවල සීමාවකින් තොරව දිගටම ක්‍රියාත්මක වනවා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.
2024 ජූලි 31 වන විට රජයේ ආදායම ලෙස රුපියල් බිලියන 122ක් එකතු කර තිබූ අතර ඉලක්කය සපුරා ගැනීමට තවත් රුපියල් බිලියන 110ක් අවශ්‍ය වේ.
මත්පැන් බලපත්‍ර ලබා දීමෙන් මේ වසරේ රුපියල් මිලියන 2000ක් එකතු කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
මේ වන විට එකතු කර ඇති මුදල රුපියල් මිලියන 1750කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart