
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රේගුව විසින් “ෂිෂා” නමින් පොදුවේ හඳුන්වන, දුම්පානය සඳහා භාවිත කරන ‘හූකා දුම්කොළ’ කිලෝ 8000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම හූකා දුම්කොළ තොගය රුපියල් මිලියන 164ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒවා නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ආනයනය කර ඇති බවයි රේගුව ප්‍රකාශ කරයි.
කිලෝ 8,010ක් බරැති මෙම හූකා දුම්කොළ තොගය ග්‍රෑම් 50 බැගින් වූ පැකට් 160,200ක අසුරා තිබියදී සොයාගෙන තිබේ.
භාණ්ඩ ආනයනය කිරීමට අවසර දී ඇති ලියාපදිංචි සමාගම් ලැයිස්තුවේ නොමැති ශ්‍රී ලාංකික සමාගමක ව්‍යාජ ලේඛන යොදා ගනිමින් මෙම කන්ටේනරය ආනයනය කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා රේගුව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart