
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පතිධූරය සඳහා හිටපු පොලිස්පති සී. ඩී.වික්‍රමරත්නට ලබාදුන් මාස තුනක සේවා දිගුව සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ, විපක්ෂය සහ සිවිල් සමාජ නියෝජිතයන් ප්‍රථමයෙන් කනස්සල්ල පළකළ නමුත් පසුව එය අනුමත කළ බව වාර්තා වේ.
ඔහුගේ අවසන් සේවා දිගුව ජූනි 26 වැනිදා අවසන් වූ අතර, ජූලි 09 වැනිදා ජනාධිපතිවරයා විසින් තවත් මාස තුනක සේවා දිගුවක් ඔහුට ලබාදුන් පසු ජූලි 14 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් එය අනුමත කර ඇත.
කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, විපක්ෂය සහ සිවිල් සමාජ නියෝජිතයන් මෙම සේවා දිගුව සම්බන්ධයෙන් ප්‍රථමයෙන් කනස්සල්ල පළ කළද, ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් යොමු කරන ලද ලිපියේ සඳහන් වන මෙම දීර්ඝ කිරීමේ ‘තාවකාලික ස්වභාවය’ සැළකිල්ලට ගෙන අවසානයේ ඔවුන් එය අනුමත කළ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පතිධූරය සඳහා ස්ථිර පත්කිරීමක් සිදුකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඍජුව මැදිහත් වියයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් පසුගියදා පැවැසීය.
පොලිස්පතිවරයාගේ සේවය අඛණ්ඩව දීර්ඝ කිරීම මහජනතාවට අහිතකර ලෙස මෙන්ම විධායක බලය අනිසි ලෙස භාවිත කිරීමකට සමාන බව ද ඔහු පෙන්වාදී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart