
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පොලිස්පති ධූරයේ තවදුරටත් කටයුතු කිරිම සඳහා ලබාදී තිබූ මාස 03 ක සේවා දිගුව මෙම මස 09 වැනිදායින් අවසන්වීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ වනතෙක් සේවා දිගු දෙකක් පොලිස්වතිවරයාට ලබා දී ඇති අතර, 2020 නොවැම්බර් මස පත් වූ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මාර්තු මස 25 වැනිදා විශ්‍රාම යෑමට නියමිත සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහුට මුල්වරට මාස 03ක සේවා දිගුවක් ලබාදුන් අතර, පළමු සේවා දිගුව අවසන් වීමෙන් පසුව ඉකුත් ජුනි මස 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක් කාලයක් සදහා දෙවැනි සේවා දිගුව ලබාදෙනු ලැබීය.
එම සේවා දිගුව ද මේ මස 09 වැනිදායින් අවසන් වීමට නියමිතය අතර, නැවත වරක් සේවා දිගුවක් දෙන්නේ ද යන්න මෙතෙක් තිරණයක් ගෙන නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මීළග පොලිස්පති ධූරය සදහා ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන්ම සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශබන්දු නෙන්නකොන් යන තිදෙනාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart