
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘ක්ලබ් වසන්ත’ ඇතුළු දෙදෙනකුට මරු කැඳවමින් අතුරුගිරිය වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවකු කළ පාපොච්චාරණයක වීඩියෝවක් ජනමාධ්‍ය වෙත නිකුත්වීම සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අවධානය යොමුව තිබේ.
වෙඩිතැබීම සිදුවූ අතුරුගිරියේ පිහිටි ටැටූ ස්ටුඩියෝ හිමිකරු වන සැකකරුගෙන් උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රශ්න කරන අයුරු වීඩියෝවේ දැක්වේ.
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න 2022 දී නිකුත් කළ ලිපියක සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබුණේ සැකකරුවන්ගේ ප්‍රකාශ ජනමාධ්‍යයට ප්‍රචාරය කිරීමෙන් නඩු කටයුතුවලට අහිතකර ලෙස බලපානු ඇති බැවින් ඒවා ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසයි.
එමෙන්ම මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පවා පැමිණිලි ලැබී තිබූ බවද එම ලිපියෙන් පෙන්වා දී තිබේ.
මෙවැනි සිදුවීම් මගින් සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමට ඉඩ ඇති බවට කොමිසම පැහැදිලිව දන්වා ඇති බවද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමු වී ඇති අතර, එම නිලධාරීන් එම උපදෙස් කඩකළේද යන්න සොයා බැලීමට කටයුතු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart