
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වත්මන් පොලිස්පති චන්දන ඩී. වික්‍රමරත්නට ලබා දී ඇති දෙවන සේවා දිගුව ඔක්තෝම්බර් 09 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණ ද ඒ සඳහා මෙතෙක් නාමයෝජනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යොමුකර නොමැති බැවින් ඔහුට තවත් සේවා දිගුවක් ලබා දීමට ඉඩ ඇති බවට අදහස් පළවේ.
පොලිස්පති වික්‍රමරත්නගේ මූලික සේවා දිගුව 2023 ජූනි 26 දිනෙන් කල් ඉකුත් වූවද, ජනාධිපති සහ ආරක්ෂක ඇමැති රනිල් වික්‍රමසිංහ ජුලි 09 වැනි දින සිට මාස 03ක සේවා දිගුවක් ඔහුට ලබාදුන් අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ජූලි 14වැනිදා එය අනුමත කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයකු සඳහන් කර ඇත්තේ, පොලිස්පතිවරයා පිළිබද කිසිදු නාමයෝජනාවක් මෙතෙක් ලැබී නොමැති බවයි.
පොලිස්පති වික්‍රමරත්නට ජනාධිපතිවරයා තවත් සේවා දිගුවක් ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු පවසා තිබේ.
එම සාමාජිකයා පවසා ඇත්තේ, “මේ ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට එන්න ඕන අලුත් පොලිස්පතිවරයෙක් පත් කරනවා නම් විතරයි. වත්මන් පොලිස්පතිවරයාගේ සේවා කාලය දීර්ඝ කිරීමට එවැනි සඳහනක් කිරීමට අවශ්‍ය නැහැ. පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට යම් නිලධාරියකු සුදුසුකම් ලබන්නේද යන්න තීරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් කළ යුතුව තිබෙනවා. වික‍්‍රමරත්නට අපි මූලික සේවා දිගුව අනුමත කරනවා කියන්නේ ඔහු එම තනතුර දැරීමට සුදුසුකම් ලබන බවයි. ඒ නිසා ආයෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඒක අහන්න ඕන නෑ.” යනුවෙනි.
මේ වසර මුල දී විශ්‍රාම පත්‍රිකා ඉදිරිපත් කළ පොලිස්පති වික්‍රමරත්නට ජනාධිපතිවරයා මාස තුනක සේවා දිගු 02ක් දිගින් දිගටම ලබාදීම රටේ නීතිය හා සාමය තහවුරු කිරීමට අහිතකර ලෙස බලපානු ඇති බවට විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම්වලින් විවේචන ද එල්ල වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart