
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති තීන්දුව පිළිබඳව අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන් සාවද්‍ය බව නීතීඥ සාමූහිකය අවධාරණය කරයි.
පොලිස්පති ධූරය හිස්වී නොමැති බව අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
ඊයේ පස්වරුවේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් නීතීඥ සාමූහිකය වෙනුවෙන් අදහස් පළකළ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පෙන්වා දුන්නේ අගමැතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඕ) වගන්තිය නිවැරදිව කියවිය යුතු බවයි.
ඔහු එහිදී මෙසේද සඳහන් කළේය.
“අද දින තුළ අගමැතිවරයා, දක්වා සිටියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තීරණ ප්‍රශ්න කරන්න බෑ කියලා අධිකරණයට. ඒ කාරණාව සම්පූර්ණයෙන් සාවාද්‍යයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඕ) යන්න කියන වගන්තිය අගමැතිතුමා කියවන්න ඕනේ. එහෙම වුණානම් ඒකෙන් පේනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් අධිකරණ බලයට යටත්. අද ජනාධිපතිවරයා කියනවා නම් ඔහුට ධුරයේ කාර්යයන් කරන්න බෑ කියලා එහෙම නම් ඔහු තාවකාලිකව අයින් වෙලා කරන්න පුළුවන් කෙනෙකුට භාරදෙන්න ඕනේ. ඒකටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. වැඩබලන පොලිස්පතිවරයා පත්කරන්න ඕනේ ජනාධිපතිවරයා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණ වගකීමක්. ඒකෙන් ඔහුට මඟ හැරයන්න බෑ.”
අගමැතිවරයා කුමන කාරණා ප්‍රකාශ කළද දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ කටයුතු කිරීමට උත්සාහ කළහොත්, ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදහා එල්ලවිය හැකි බවද මෙහිදී ප්‍රකාශ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart