
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පතිධූරයේ පසුගියදා රාජකාරි ආරම්භ කළ දේශබන්දු තෙන්නකෝන්, සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසුව අද (මාර්තු මස 21) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.
යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි පොලිස්පතිවරයා වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.
අනතුරුව, යුද්ධ හමුදාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා ඉතා උණුසුම් අයුරුන් පිළිගැනීමෙන් පසුව එතුමන් වෙත යුද්ධ හමුදාවේ සියලුම ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හඳුන්වාදෙන ලද අතර, යුද්ධ හමුදාධිපතිවරයා සහ පොලිස්පතිවරයා අතර පැවැති සුහද හමුවේදී යුද්ධ හමුදාව සහ පොලිසිය අතර අන්‍යොන්‍ය සහයෝගීතාවයෙන් යුතුව රාජකාරි සිදුකිරීම පිළිබඳව අදහස් හුවමාරු කරගන්නා ලදී.
සුහද හමුව අවසානයේදී, සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරගත් අතර, අනතුරුව පොලිස්පතිවරයා අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහන් ලියා තැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart