
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනුකර ඇතැයි වාර්තා වේ.
එම වාර්තා අනුව ජ්‍යෙෂ්ඨ නිලධාරියා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සහ ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස පොලිස්පතිවරයා ඉල්ලීමක් කර ඇතැයි ද පැවසේ.
ඉහළ පොලිස් නිලධාරීන් පිළිබඳ රහස්‍ය අභ්‍යන්තර ලේඛන සහ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ බවට චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඔහු ඉල්ලා ඇති බව වාර්තා වේ.
මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු සම්බන්ධ බව පැවසෙන හඬපටයක් ද පොලිස්පතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත යොමුකර ඇතැයි පැවසේ.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා සහ පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමට නියමිත බව වාර්තා වේ.(Newswire )
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart