September 1, 2025

පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය පසු­ගි­යදා (28) කොළඹ අග­ර­ද­ගුරු නිල නි‍ෙව­සේදී අග­ර­ද­ගුරු කාදි­නල් මැල්කම් රංජිත් හිමි­පා­ණන් හමුවී සුහද පිළි­ස­ඳ­රක නිරතව තිබේ.

කාදි­නල් හිමි­පා­ණන් පොලි­ස්ප­ති­වරයා වෙත එහිදී ආශී­ර්වාද ප්‍රාර්ථනා කර­මින් සුභා­ශිං­සන පිරි­නමා ඇති අතර, පොලි­ස්ප­ති­තු­මන් විසින් හමුව සිහි­ගැ­න්වෙන සමරු තිළි­ණ­යක් උන්ව­හන්සේ වෙත පිළි­ග­න්වා ඇත.

මෙම හමුව සඳහා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර ද එක්ව තිබේ.